උගන්ඩාවේ ‘Ebola වෛරසය’ ආසාදිත රෝගීන් තවත් ඉහළට

උගන්ඩාවේ ‘Ebola වෛරසය’ ආසාදිත රෝගීන් තවත් ඉහළට

උගන්ඩාවෙන් ‘Ebola වෛරසය’ ආසාදිත රෝගීන් 36 ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඒ අනුව තහවුරු කර ඇති රෝගීන් 18ක් සහ ආසාදිත බවට සැක කෙරෙන රෝගීන් 18 ක් වාර්තා වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ

මධ්‍යම උගන්ඩාවේ දිස්ත්‍රික්ක තුනක මරණ 23 ක් සිදුවී ඇති අතර ඉන් පහක් ‘Ebola වෛරසය’ ආසාදිත වීමෙන් මියගිය බවට තහවුරු වී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ 2012 වසරෙන් පසු උගන්ඩාවේ ඇති වූ පළමු ඉබෝලා ව්‍යාප්තිය මෙය බවයි

Share This