යුක්‍රේන යුද්ධය මැදත් සුරතල් සතුන් බලාගත් ‘වෛද්‍යවරයා’ සතුන් අතහැර ගිය ගමන

යුක්‍රේන යුද්ධය මැදත් සුරතල් සතුන් බලාගත් ‘වෛද්‍යවරයා’ සතුන් අතහැර ගිය ගමන

යුද්ධයෙන් විනාශ වූ යුක්‍රේනයේ ඉන්දියානු වෛද්‍යවරයකු ඔහුගේ සුරතල් සතුන් දෙදෙනෙක් සමග (black panther and a jaguar) නිවසේ පහළම මාලයක සිරවී සිටි බව මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවා

Kyiv සත්වෝද්‍යානයෙන් සුරතල් සතුන් දෙදෙනා මිලදී ගත් ගිරිකුමාර් පටිල් නම් මෙම වෛද්‍යවරයා පසුගිය මාර්තු මාසයේදී පවසා සිටියේ තම සුරතල් සතුන් නොමැතිව නිවසින් පිටව නොයන බවයි.

නමුත් මේ වනවිට මුදල් නැති වීම නිසා ඔහු දැන් තම සතුන්ගෙන් වෙන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඔහු නැගෙනහිර  යුක්‍රේනයේ ඩොන්බාස් ප්‍රදේශයේ පිහිටි කුඩා නගරයක් වන සෙවෙරොඩොනෙට්ස්ක් හි වසර හයකට වැඩි කාලයක් ජීවත් වී ඇති බවයි පැවසෙන්නේ

යුද්ධය ආරම්භ වීමෙන්  පසු,ගිරිකුමාර් මහතා තම සතුන්ට ආහාර මිලදී ගැනීම සඳහා පමණක් තම පටු බිම් මහලෙන් පිටතට පැමිණ තිබෙන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

“දැන් මම යුද කලාපයක සිරවෙලා ඇත්තටම කනස්සල්ලටත්  පත්වෙලා . මගේ දෙමාපියන් මට කතා කර ගෙදර එන ලෙස ඉල්ලා සිටිනවා  නමුත් මට සතුන් දාලා යන්න බැහැ,” යනුවෙන් පටිල් මහතා මුල් කාලයේදී පවසා සිටියත් මේවනවිට යුක්රේන සරණාගතයින් සමග වෝර්සෝහි නේවාසිකාගාරයක ඔහු ජීවත් වන බවද විදෙස් මාධ්‍ය පවසනවා

පෝලන්තයට ගොස් තම සුරතලුන්ව පෝෂණය කිරීමට අවශ්‍ය මුදල් උපයා ගෙන ඇති නමුත් එය දිගින් දිගටම කළ නොහැකි බැවින් සුරතලුන් අතහැර දමා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

වෛද්‍ය විද්‍යාව හැදෑරීමට  2007 දී  යුක්‍රේනයට පැමිණි බව පටිල් මහතා සඳහන් කරන අතර  2014 වසරේ සිට ඔහු විකලාංග වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා

උපුටා ගැනීම -විදෙස් මාධ්‍ය

 

 

Share This