පකිස්ථානයේ සිදු වූ වෙඩි තැබීමකින් චීන ජාතිකයෙකු මරුට

පකිස්ථානයේ සිදු වූ වෙඩි තැබීමකින් චීන ජාතිකයෙකු මරුට

පාකිස්ථානයේ කරච්චි නගරයේ සිදුවූ වෙඩි තැබීමකින් චීන ජාතිකයෙකු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ කරච්චි නගරයේ Saddar ප්‍රදේශයේ දන්ත සායනයක් තුළදී තුවක්කුකරුවෙකු සිදු කළ වෙඩි තැබීමකින් අදාල චීන ජාතිකයා මියගොස් ඇති බවයි.

වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ දන්ත සායනයේ සහායකයෙකු ලෙස සේවය කළ පුද්ගලයෙක්.

රෝගියෙකු ලෙස වෛද්‍ය සායනයට ඇතුලු වුනු තුවක්කුකරු වෛද්‍යවරයා රෝගීන් පරීක්ෂා කරන ස්ථානයටම පැමිණ අදාල චීන ජාතිකයාට වෙඩි තබා තිබෙනවා.

සිද්ධියෙන් එහි සිටි 74 හැවිරිදි වෛද්‍යවරයා සහ ඔහුගේ 72 හැවිරිදි භාර්යාව ද තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ඔවුන් දෙදෙනා ද චීන ජාතිකයින් බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බව ද විදෙස් මාධ්‍ය සදහන් කළා.

Share This