ජපානයට ඉහළින් උතුරු කොරියාවෙන් බැලස්ටික් මිසයිලයක්

ජපානයට ඉහළින් උතුරු කොරියාවෙන් බැලස්ටික් මිසයිලයක්

උතුරු කොරියාව ජපානයට ඉහළින් බැලස්ටික් මිසයිලයක් එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

ටෝකියෝවේ සහ වොෂින්ටනයේ අවධානය දිනා ගැනීම සඳහා උත්සාහ කිරීමක් ලෙස උතුරු කොරියාව ජපානයට ඉහළින් මිසයිලයක් එල්ල කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

බැලස්ටික් මිසයිලය ජපානයට ඈතින් පිහිටි පැසිෆික් සාගරයට වැටී ඇති අතර, මෙම මිසයිලය සාගරයට වැටීමට පෙර කිලෝමීටර් 4,500 පමණ දුරක් ගමන් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

2017 වසරෙන් පසු ජපානයට ඉහළින් උතුරු කොරියානු මිසයිල දියත් කරන පළමු අවස්ථාව මෙය බවයි පැවසෙන්නේ

එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට බැලස්ටික් සහ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම තහනම් කර තිබෙනවා

කිසිදු පූර්ව අනතුරු ඇඟවීමක් හෝ උපදේශනයක් නොමැතිව වෙනත් රටවල් දෙසට හෝ ඊට ඉහළින් මිසයිල පියාසර කිරීම ද ජාත්‍යන්තර සම්මතයන්ට පටහැනි බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This