ඉක්වදෝරයේ බන්ධනාගාරයක ඇතිවූ ගැටුමකින් 15ක් ජීවිතක්ෂයට

ඉක්වදෝරයේ බන්ධනාගාරයක ඇතිවූ ගැටුමකින් 15ක් ජීවිතක්ෂයට

ඉක්වදෝරයේ විශාලතම බන්ධනාගාරයක් වන Latacunga හි සිරකරුවන් අතර ඇතිවූ ගැටුමකින් අවම වශයෙන් රැඳවියන් 15 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට ජාතික බන්ධනාගාර ඒජන්සිය පවසා තිබෙන්නේ ආරක්ෂකයින් පැමිණ ගැටුම පාලනය කිරීමට පෙර සිරකරුවන් තුවක්කු සහ පිහි රැගෙන සටන් කර ඇති බවයි.

බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මියගිය අය අතර එරට මත්ද්‍රව්‍ය කල්ලියේ ප්‍රධානියා යැයි කියන ලියැන්ඩ්‍රෝ නොරෙරෝ ද සිටින බව ඉක්වදෝර මාධ්‍ය වාර්තා කර තිබෙනවා

මුදල් විශුද්ධිකරණ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ මැයි මාසයේදී බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Share This