වසර 40කට පසු සෝමාලියාවට බලපෑ නියඟයෙන් දරුවන් රැසක් අනතුරේ

වසර 40කට පසු සෝමාලියාවට බලපෑ නියඟයෙන් දරුවන් රැසක් අනතුරේ

වසර 40කට පසු සෝමාලියාවට බලපෑ දරුණුතම නියඟය මධ්‍යයේ කුඩා දරුවන් මිය යමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා

එරට රාජ්‍ය නිලධාරීන් පවසා තිබෙන්නේ තවත් ආධාර නොලැබුණහොත් ඊටත් වඩා විශාල ව්‍යසනයක් දින හෝ සති කිහිපයකින් රට පුරා පැතිර යා හැකි බවයි.

එමෙන්ම නව සමීක්ෂණයකින් කඳවුරුවල සිටින කුඩා දරුවන් සහ ගර්භනී කාන්තාවන්ගෙන් තුනෙන් දෙකක් පමණ උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බව පෙන්නුම් කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

නගරයේ ප්‍රධාන රෝහලේ වෛද්‍යවරයෙක් මාස දෙකේ සිට අවුරුදු තුන දක්වා වූ දරුවන් සියල්ලෝම දැඩි මන්දපෝෂණයට ගොදුරු වී ඇති බවත් සමහරුන්ට නියුමෝනියාව වැළඳී ඇති බවත් සඳහන් කර තිබෙනවා

සෝමාලියානු නිලධාරීන් සහ ජාත්‍යන්තර සංවිධාන මෙම නිරිතදිග කලාපයේ සාගතයක් ගැන මාස ගණනාවක් තිස්සේ අනතුරු ඇඟවීම් කර ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

Share This