විශාලතම ආර්ථිකයන් හිමි රටවල් රැසක්ම දරුණු අර්බුදයක

විශාලතම ආර්ථිකයන් හිමි රටවල් රැසක්ම දරුණු අර්බුදයක

ලෝකයේ විශාලතම ආර්ථිකයන් හිමි රටවල් රැසක්ම මේ වනවිට පසුවන්නේ දරුණු අර්බුදයන්ට මුහුණ දෙමිනි.

විශේෂයෙන් උද්ධමනය හෙවත් භාණ්ඩ මිල විශාල ලෙස ඉහළයෑමේ කුණාටුව එක්සත් ජනපදයේ සිට එක්සත් රාජධානිය හරහා යුරෝපයට හමායමින් තිබෙනවා.

එය අප්‍රිකානු සහ ආසියානු කලපයන් ද කැළඹීමට ලක්කර ඇති අතර අත්‍යවශ්‍ය ආහාර මෙන්ම විශේෂයෙන් ඛනිජ තෙල් සහ ගල් අඟුරු ආනයනය මත පදනම්වූ රටවල් රැසක් මෙම අර්බුදයට මුහුණදෙමින් සිටී.

ලෝක බැංකුව විසින් මෑතකදී කරන ලද අධ්‍යයනයකට අනුව අනාවැකි පළකර ඇත්තේ 2023 වසරේදී ලෝකය ගෝලීය අවපාතයක් කරා ගමන් කරනු ඇති බවටයි.

එමෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයන් අර්බුදවලට ලක්වීම වැලක්විය නොහැකිවනු ඇති බවද ලෝක බැංකුව අනතුරු අඟවා තිබෙනවා.

ලෝක බැංකුව පෙන්වාදෙන්නේ, රටවල් රැසක මහ බැංකු පසුගිය වසර පනහක් ඇතුලත වාර්තා කළ ඉහලම පොළී අනුපාත ක්‍රියාත්මක කර ඇති බවයි.

එම ඉහළ අනුපාතයන් ලබන වසර ඇතුළත ද(2023) අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇති බවද ලෝක බැංකුව පෙන්වාදෙනවා.

ඒ උද්ධමනය පාලනය කිරීමේ පියවරක් වශයෙනි. එසේවුවද ගෝලීය උද්ධමනය කොවිඩ් වසංගතයට පෙර පැවැති මට්ටම දක්වා පහත දැමීමට, දැනට මහ බැංකු ක්‍රියාත්මක කර ඇති ඉහල පොලී අනුපාත සහ අනෙකුත් මුල්‍ය ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවනු ඇති බවද ලෝක බැංකුව පෙන්වාදෙනවා.

එම නිසා අප්‍රිකානු සහ ආසියානු පමණක් නොව අනතුරට ලක්විය හැකි නව ප්‍රජාවක් ලෙස යුරෝපිය අඩු ආදායම්ලාභින්ද ලෝක බැංකුව විසින් සිය ලේඛනවලට ඇතුලත් කර තිබෙනවා.

මෙවැනි ගෝලීය අර්බුදයක් අතරතුර ලොව රටවල් කිහිපයක් පමණක් සිය ආර්ථිකයන්ට එල්ලවන ගෝලීය බලපෑම් නොතකමින් ස්ථාවරව පත්වාගෙන යැමට සමත්ව සිටින බවද පෙන්වාදිය යුතුයි.

ඉන්දියාව කොවිඩ් -19 වසංගතය ආරම්භයේ සිය අද දක්වාම ආර්ථික සුනාමි රැලිවලින් ආරක්ෂා වෙමින්, ආරක්ෂාව සහ පෝෂණය සහතික කරමින් ශක්තිමත් ආර්ථිකයක් පිළිබඳ නිසසුන් ලබාදීමට සමත්ව සිටිනවා.

විශේෂයෙන් සෙමෙන් එහෙත් ස්ථාවරව ඉදිරියට ගමන් කරන ඉන්දීය ආර්ථිකය ලොව ප්‍රමුඛතම ආර්ථිකයන්ට මේ වන විට, ආර්ථික අවපාතයන් හමුවේ ‘දරාගෙන සිටීමේ හැකියාව පිළිබඳ පාඩම් උගන්වමින් සිටි.

ඒ අතරතුර සිය අසල්වාසීන් මෙන්ම කලාපිය අවශ්‍යතා සහිත රටවල් කෙරෙහිද ඉන්දියාව මේ මොහොතේ සිය මිත්‍රත්වයේ දෑත දිගුකරමින් සිටින බව පෙනෙන්නට තිබෙනවා.නිදසුනක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ මෙම වසරේදී පමණක් ඉන්දියාව විසින් ලබාදී ඇති ණය සහන ප්‍රමාණය ඩොලර් බිලියන 3.8කට වැඩි අතර, එය ශ්‍රී ලංකාවට මෙතෙක් ඉතිහාසයේ ඕනෑම ද්විපාර්ශ්වික හෝ බහුපාර්ශ්වික හවුල්කරුවකු වෙතින් කෙටි කාලයක් තුළ ලැබුණු විශාලතම ණය පහසුකමද වනවා.

පසුගිය වසර දෙක තුළ අතිශය විනාශකාරී සිදුවීම් දෙකක් සමඟ පොරබැදීමට සිදුවීමෙන් ලෝකයේ ආර්ථික ගතිකයන් වෙනස්වී තිබෙනවා. එනම් මෑතකදී රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය සහ 2020 ආරම්භයේදී ලෝකය ආක්‍රමණය කළ කොවිඩ් -19 වසංගතය එම වෙනස්කම්වලට දායකවී තිබුණා.

මේ හේතුවෙන් එක්සත් රාජධානිය වැනි අති දැවැන්තයන් පවා අවපාතයකට ඇදවැටී, සමස්ත යුරෝපයම අර්බුදයකට ලක්ව ඇති අතර ආර්ථිකයක වර්ධනය සඳහා උද්ධමනය විශාල කාර්යභාරයක් ඉටු කරනවා.

එක්සත් ජනපදයේ (උද්ධමන අනුපාතය 8.5%) සහ යුරෝපයේ (එක්සත් රාජධානියේ 10.1%) ප්‍රමුඛ ආර්ථිකයන් පෙර කිසිදා නොදුටු මට්ටමේ උද්ධමනයකට මුහුණ දෙන නමුත්ඉන්දියාව එය 6.71% දක්වා එය සාර්ථකව පාලනය කර ගැනීමට සමත්වී තිබෙනවා.

උද්ධමනය, දූෂණය, ව්‍යාපාර කිරීමට අපහසුවීම හෝ විරැකියාව පසුගිය දශක කිහිපයක ඉන්දියාව මුහුණදුන් ලෝකයටම පොදු ගැටළු බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

එහෙත් ශක්තිමත් පාලනයක් සහ ස්ථාවර ප්‍රතිපත්ති යටතේ පසුගිය වසර කිහිපය තුළ එම අභියෝග රැල්ල ආපසු හැරෙමින් තිබෙනවා. 2022 අගෝස්තු මස අවසානයේදී, ලොව සියලුම රටවල් අතුරින් ඉන්දියාව, ගෝලීය Market cap-weighted indexes(MSCI) වෙළඳපල දර්ශකයේ දෙවන ස්ථානයට පත්වුයේ 14%කට වඩා වැඩි අගයක්ද සනිටුහන් කරමිනි. MSCI දර්ශකයට අනුව ඉන්දියාව පසුගිය මාස 12 තුළ ලොව අනෙකුත් නැගී එන වෙලඳපොලවල් 27%ක වේගයක් සටහන් කරමින් අභිබවා ගොස් තිබුණා.එසේම ඉන්දියාව මේ වන විට ලෝකයේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස සිය සලකුණ සටහන් කර ඇති අතර, එය දැන් ලොව පස්වන විශාලතම කොටස් වෙළෙඳපොළ ද වේ.

ඉන්දියානු කොටස් වෙලඳපොළේ මෑත කාලීන නැගීම ඉන්දියාවට ගෝලීය වෙළඳපොළෙන් ලැබෙන ආයෝජන කොටස 3.5% දක්වා සර්වකාලීන ඉහළම මට්ටමට ළඟා කරවීමට උපකාරීවී ඇති අතර 2020 මැයි මාසයේ පැවැති 2.05%ක අගය හා සසඳන විට මෙන්ම, විශේෂයෙන් අද බොහෝ රටවල් මුහුණ දී සිටින උද්ධමනය හා අවපාතය හා සසඳන විය එය පැහැදිලිවම විශාල වර්ධනයකි.

ආහාර හා බලශක්ති හිඟයට තුඩු දෙන රුසියාව-යුක්රේන යුද්ධයේ පිටුපස ඇති අවිනිශ්චිතතා මධ්‍යයේ, ඩොලරය ආරක්ෂිත මුදල් ඒකකයක් ලෙස සැලකේ. මෙම වසර තුළ බොහෝ ලෝක මුදල් ඒකකවලට සාපේක්ෂව ඩොලරය අධිප්‍රමාණ වී තිබෙනවා,

ඩොලර් 1.2ක් ලෙස ශක්තිමත්ව පැවැති යුරෝව දශක දෙකක අවම අගය සටහන් කරමින්, ඩොලරයට 0.99ක් ලෙස අවප්‍රමාණ වී ඇති අතර එය තවත් පහලට ගමන් කිරීමට ඉඩ තිබුණා.ජපානයේ යෙන් ද පෙර නොවූ විරූ ලෙස ඩොලරයක අගය 140 දක්වා පහත වැටී ඇතත් ගෙවීගිය මාස කිහිපයේදී ඩොලරයට සාපේක්ෂව ඉන්දීය රුපියලේ කඩාවැටීම ඉතාම අවම අගයක පවතින බව දැකගැනීමට හැකිය. ලෝකයේ ප්‍රමුඛතම මුදල් ඒකකවලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරය 13% කින් පමණ ඉහළ ගිය අතර. එහිදී ඉන්දීය රුපියලේ අගය අවප්‍රමාණය වී ඇත්තේ 6-7% ක අගයකින් පමණයි.එහිදීද, සංචිත බැංකුව විසින් අනුගමනය කළ ස්ථාවර පියවරයන් ආර්ථිකය ආරක්ෂා කර තිබෙනවා.

අනෙක් අතට රටට බොරතෙල් ආනයනය කිරීමට වැයකරන ඉහළ විදේශ විනිමය ප්‍රමාණය සැලකිල්ලට ගත් විට, ගෝලීය උද්ද්ධමනය හමුවේ අඛණ්ඩ සැපයුමක් සහතික කිරීම පහසු කටයුත්තක් නොවේ. කෙසේවෙතත් එම තත්වය පාලනය කිරීම සඳහා ඉන්දීය සංචිත බැංකුව (RBI) විසින් ස්ථාවර පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

විශේෂයෙන් යුරෝපය රුසියාවට එරෙහිවී බලශක්ති අර්බුදය සමඟ අරගල කරන අතර, රුසියානු සබඳතා රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් හිතකර ලෙස තබා ගැනීම වැනි අගමැති මෝදිගේ ස්ථිර පියවරයන් විසින්, රටේ බොරතෙල් අවශ්‍යතා රුසියාවෙන් සපුරා ගැනීම සහතික කර තිබෙනවා. රුසියානු-යුක්රේන ගැටුම හමුවේ නිර්මාණය වෙමින් පවතින ගෝලීය බලශක්ති අර්බුදයක් මධ්‍යයේ ඉන්දියාව සිය බොරතෙල් සැපයුම පමණක් ස්ථාවර කරගැනීමෙන් නැවතී නැත. ඊට අමතරව සිය ගල්අඟුරු අවශ්‍යතාවෙන් වැඩි කොටසක් රුසියාව වෙතින් සලසා ගැනීමටද ඉන්දියාව සමත්ව සිටි.

රුසියාවේ විශාලතම ගල් අඟුරු සැපයුම්කරු වන සයිබීරියානු ගල් අඟුරු බලශක්ති සමාගම (SUEK) නුදුරේදීම ඉන්දියාවේ කාර්යාලයක් විවෘත කිරීමට සූදානම් වන්නේ ඒ අනුව බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ඉන් පෙනෙන අනෙක් කරුණ වන්නේ රුසියාවට යුරෝපය විසින් පනවා ඇති සම්බාධකවලින් පසු ඉන්දියාව රුසියානු සැපයුම්වල ඉහළම අපනයන ගමනාන්තයක් ලෙස නැගී සිටිමින් සිටින බවයි. 2022 පළමු භාගයේදී සමාගම විසින් ඉන්දියාවට නැව්ගත කරන ලද ගල්අඟුරු ප්‍රමාණය ටොන් මිලියන 1.25 දක්වා වැඩි වී ඇති අතර, එය 2021 දී රුසියානු සමගම විසින් ඉන්දියාවට අපනයනය කරන ලද වටිනාකමට වඩා දෙගුණයක් වැඩි ය. SUEK, ලොව විශාලතම ගල් අඟුරු සැපයුම්කරුවන්ගෙන් එකක් වන අතර, වෙළඳාම සම්බන්ධ සියලු අභියෝගවලට විසඳුම් ලබා දෙන්නේ නම්, ඉන්දියාවට ගල් අඟුරු සැපයුම වසරකට ටොන් මිලියන 10 දක්වා වැඩි කළ හැකි බව පෙන්වාදී තිබෙනවා.

ඒ අනුව ගෝලීය උද්ධමනය හා යුක්රේන අර්බුදය මධ්‍යයේ අර්බුදයක් වෙත ගමන් කරමින් තිබෙන ලෝකයේ සිය ශක්තිමත් ස්ථානය ආරක්ෂා කර ගැනීමට ඉන්දියාව සමත්ව ඇති බව පැහැදිලිවම දැකගත හැකි බවයි ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂණයේ යෙදෙන වෙබ් අඩවි සඳහන් කරන්නේ.
එය ගෝලීය ආර්ථිකය ආරක්ෂා කරගැනීමේ පොදු ප්‍රයත්නයේදී ඉතා විශාල සැනසිල්ලකි. මන්ද ඉන්දියාවේ ශක්තිමත්භාවය හේතුවෙන් බිලියන 08කට ආසන්න ලෝක ප්‍රජාවෙන් බිලියන 1.5කට ආසන්න ප්‍රමනයක්ම ආරක්‍ෂිත බැවිනි.

Share This