ඉන්දියාවේ ගම්මානයක් විදුලි බිලෙන් නිදහස්

ඉන්දියාවේ ගම්මානයක් විදුලි බිලෙන් නිදහස්

ඉන්දියාවේ පළමු සූර්ය බල ගම්මානය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්.විවෘත කර ඇති බව එරට මාධ්‍ය පවසනවා.

ඉන්දියාවේ ගුජරාටයේ Mehsana දිස්ත්‍රික්කයේ Modhera ගම්මානය එලෙස ඉන්දියාවේ පළමු සූර්ය බල ගම්මානය ලෙස නම් කර තිබෙනවා.

රජයෙන් ලබා දී ඇති පහසුකම් අනුව පැය 24 පුරා සූර්ය බලශක්තියෙන් සිය එදිනෙදා කටයුතු සිදි කර ගැනීමට Modhera ජනතාවට අවස්ථාව හිමි වනවා.

අදාළ ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශයක් කෙරෙහි විදෙස් මාධ්‍ය වැඩි අවධානයක් යොමු කර තිබුණා.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එහිදී සඳහන් කළේ Modhera යනු සමස්ථ ඉන්දියාවටම මහත් ආදර්ශයක් බවයි.

සූර්ය බලයෙන් ප්‍රයෝජන ගෙන සිය එදිනෙදා කටයුතු කරන Modhera ජනතාව තවදුරටත් රජයට විදුලිබලය සදහා ගෙවීම් සිදු කළ නොමැති බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබුණේ.

එම වැසියන්ට දැන් විදුලි බලය අලෙවි කළ හැකි බවත්, ඉන් අදායම් ඉපැයිය හැකි බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබෙනවා.

සූර්ය බලය හරහා බලගැන්වෙන ඉන්දියාවේ ගම්මානවල ජනතාව තවදුරටත් ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ අර්බුදවලින් පීඩා නොවිදිනු ඇති බවයි අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ.

එමෙන්ම සූර්ය බලශක්තිය ඉන්දියාව විධිමත් ඉලක්ක සපුරා ගැනීම සදහා බලගන්වනු ඇති බව ද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කියා සිටියා.

Share This