යුක්‍රේනයේ පිපිරීම් රැසක්

යුක්‍රේනයේ පිපිරීම් රැසක්

යුක්‍රේනයේ අගනුවර වන Kyiv වෙත මාස කිහිපයකට පසු නැවතත් මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
Lviv, Dnipro සහ Zaporizhzhia ඇතුළු රට පුරා අනෙකුත් නගරවල පිපිරීම් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

රුසියාව මේ වන විට යුක්‍රේනයේ ඉලක්ක වෙත මිසයිල 75ක් එල්ල කර ඇති බවත් ප්‍රහාරය අඛණ්ඩව සිදුවෙමින් පවතින බවත් යුක්‍රේනයේ ප්‍රධාන අණදෙන නිලධාරී වැලරි සලුෂ්නි පවසා තිබෙනවා

යුක්‍රේනයේ ආරක්ෂක අමාත්‍යවරයා පවසන්නේ රුසියානු ප්‍රහාර දිගින් දිගටම එල්ල කරත් යුක්‍රේනියානුවන් සටන් කිරීම නොනවත්වන බවයි

ක්‍රිමියානු පාලමේ පිපිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රුසියානු ජනාධිපති පුටින්ගේ ප්‍රධානත්වයෙන් අද(10) ඔහුගේ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමක් පැවැත්වීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

පසුගිය පැය තුන තුළදී , කියෙව්හි පමණක් නොව, බටහිරින් ලිවිව් සිට නැගෙනහිරින් ඛාර්කිව් දක්වා ද,අගනුවර සිට දකුණේ ඔඩෙසා දක්වා ද, විශාල පිපිරුම් රැල්ලක් දැකගත හැකිවූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා

Share This