වෙනිසියුලාවේ නායයෑම් හේතුවෙන් මියගිය ගණන 36ක් දක්වා ඉහළට- 56ක් අතුරුදන්

වෙනිසියුලාවේ නායයෑම් හේතුවෙන් මියගිය ගණන 36ක් දක්වා ඉහළට- 56ක් අතුරුදන්

වෙනිසියුලාවේ Las Tejerías නගරයේ නායයෑම් හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 36 දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් 56 දෙනෙකු අතුරුදන්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා හදිසි සේවකයින් 1,000 ක් පමණ යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

මේ අතර ජනාධිපති නිකොලස් මදුරෝ දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා .

වෙනිසියුලාවට උතුරින් ගමන් කළ ජූලියා සුළි කුණාටුව හේතුවෙන් මෙම නායයෑම් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

Share This