චාල්ස්ගේ රාජාභිෂේකය මැයි 6 වෙනිදා

චාල්ස්ගේ රාජාභිෂේකය මැයි 6 වෙනිදා

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය ලබන වසරේ මැයි 6 වැනිදා වෙස්ට්මිනිස්ටර් ඇබේ හිදී පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ලබන වසරේදී පැවැත්වීමට නියමිත රාජාභිෂේකය දෙවන එලිසබෙත් රැජිනගේ රාජාභිෂේකයෙන් වසර 70කට පසුව පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

1953 ජුනි මාසයේදී දෙවන එලිසබෙත් රැජින වෙනුවෙන් අවසන්වරට රාජාභිෂේකය පවත්වා තිබෙනවා

චාරිත්‍රානුකූලව මෙම දිනයේදී චාල්ස් රජුගේ හිස මත ඔටුන්නක් තබමින් රාජාභිෂේකය පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මෙම උත්සවය පුරාණ චාරිත්‍ර හා නූතනත්වය ඒකාබද්ධ කරමින් පවත්වන බවයි බකිංහැම් මාලිගය නිවේදනය කරන්නේ

රාජාභිෂේකය පවත්වනවිට චාල්ස් රජුගේ වයස අවුරුදු 74 ක් වන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

රාජාභිෂේකය පැවැත්වෙන දිනය ඔහුගේ මුණුබුරා වන හැරී කුමරුගේ සහ මේගන්ගේ පුත් ආචීගේ සිව්වන උපන්දිනය ද වන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

චාල්ස් රජුගේ අභිෂේක කිරීම, ආශීර්වාද කිරීම සහ අභිෂේක කිරීම කැන්ටබරි අගරදගුරුතුමා විසින් මෙහෙයවනු ලබන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා

Share This