‘ක්‍රිමියා පාලම’ පිපිරවීමට සම්බන්ධ 8ක් අත්අඩංගුවට -රුසියානුවන් පහකුත් ඒ අතර

‘ක්‍රිමියා පාලම’ පිපිරවීමට සම්බන්ධ 8ක් අත්අඩංගුවට -රුසියානුවන් පහකුත් ඒ අතර

රුසියාව ක්‍රිමියාවට යා කරන ප්‍රධාන පාලම මත පසුගියදා සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගත් බව රුසියාව සඳහන් කර තිබෙනවා

විදේශ බුද්ධි සේවය (FSB) පවසා තිබෙන්නේ අත්අඩංගුවට ගත් අයගෙන් පස් දෙනෙක් රුසියානුවන් වන අතර අනෙක් අය යුක්‍රේනියානු සහ ආර්මේනියානු ජාතිකයන් බවයි.

පාලමට එල්ල වූ ප්‍රහාරය පිටුපස යුක්‍රේන ආරක්ෂක අංශ සිටින බවට FSB චෝදනා කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එමෙන්ම ජනාධිපති පුටින් එය මෙම පාලම පුපුරුවා හැරීම “ත්‍රස්තවාදී ක්‍රියාවක්” ලෙස හැඳින්වුවා

ක්‍රිමියා පාලම පුපුරුවා හැරීමෙන් පසු රුසියාවෙන් යුක්‍රේනයට දැඩි මිසයිල ප්‍රහාර රැසක්ද එල්ලවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා

Share This