අධ්‍යාපන අයිතිය අහිමි කරමින් සිටින බවට චෝදනා ලැබෙන රට

අධ්‍යාපන අයිතිය අහිමි කරමින් සිටින බවට චෝදනා ලැබෙන රට

පාකිස්ථාන රජය බලුකිස්තාන් සිසුන්ගේ අධ්‍යාපන ගාස්තු ඉහල දැමීමෙන් සහ ඔවුන්ට වෙන්කර ඇති ආසන කපා හැරීම හරහා වෙනස් කොට සැලකීමේ ක්‍රමවේදයක් අනුගමනය කර ඇති බවට චෝදනා එල්ල වන බව විදෙස් මාධ්‍ය පවසනවා.

අයිතීන් සහ ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර සංසදය (IFFRAS) සදහන් කරන්නේ, පාකිස්ථානය ‍අධ්‍යාපන අයිතිය අහිමි කරමින් සිටින බවයි.

මේ අතර බහාවල්පූර් ඉස්ලාමියා විශ්වවිද්‍යාලයේ බලුච් සිසුන් පසුගිය දින කිහිපය පුරා විශ්වවිද්‍යාල මණ්ඩපයේ හිරිහැර කිරීම්, නේවාසිකාගාර වෙන් කිරීම්, විශ්වවිද්‍යාල පරිපාලනයේ අගතිගාමී හැසිරීම් ආදියට එරෙහිව විරෝධතා පවත්වමින් සිටිනවා.

එමෙන්ම පාකිස්ථානය පුරාත් , විශේෂයෙන්ම පන්ජාබ් පළාතේ විශ්ව විද්‍යාල, බලුච්වරුන් වෙනුවෙන් වන කෝටාව අඩු කර ගාස්තු ඉහළ දමා ඇති බව සඳහන්.

බලුකිස්තානය යනු පාකිස්ථානයේ දුප්පත්ම පළාතයි.

එබැවින් බලුකිස්තානයේ විශ්ව විද්‍යාල කිහිපයක් පමණක් සීමිත පාඨමාලා පවත්වාගෙන යන අතර පළාතේ බොහෝ සිසුන් උසස් අධ්‍යාපනය සඳහා වෙනත් පළාත්වලට යොමු වනවා.

පාකිස්ථානයේ අධ්‍යාපනය විශාල වශයෙන් පෞද්ගලික අංශයට පැවරී ඇති අතර එය බොහෝ සිසුන්ට දැරිය නොහැකි තත්ත්වයකට පත් වී ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන්.

Share This