කියෙව් අගනුවර යළිත් පිපිරීම්

කියෙව් අගනුවර යළිත් පිපිරීම්

යුක්‍රේනයේ කියෙව් අගනුවර ගුවන් ප්‍රහාර සයිරන් නාද වීමෙන් පසු අවම වශයෙන් පිපිරීම් තුනක්වත් ඇසී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඉන් එක් පිපිරීම් හඬක් නගර මධ්‍යයට ආසන්නව ඇසුණු බවයි වැඩිදුරටත් විදෙස් මාධ්‍ය පවසන්නේ

පසුගිය සතියේ රුසියානු මිසයිල යුක්‍රේනයේ ස්ථාන කිහිපයකට එල්ල කිරීමෙන් 19 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මිසයිල එල්ල කිරීම පිළිබඳව පවසා තිබුණේ ක්‍රිමියාවට සම්බන්ධ කරන ප්‍රධාන පාලමකට යුක්‍රේනය බෝම්බ හෙලීමට පළිගැනීමක් ලෙස කළ එකක් බවයි

යුද්ධය අතරතුර කියෙව් සෘජුවම ඉලක්ක කළ පළමු අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

බොහෝ නම් කරන ලද ඉලක්කවලට පහර දී ඇති බවත්, රට විනාශ කිරීම තම අරමුණ නොවන බවත් රුසියානු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා

Share This