රුසියානු හමුදා පුහුණු මධ්‍යස්ථානයකට වෙඩි ප්‍රහාරයක් -11ක් මරුට

රුසියානු හමුදා පුහුණු මධ්‍යස්ථානයකට වෙඩි ප්‍රහාරයක් -11ක් මරුට

රුසියානු හමුදා පුහුණු මධ්‍යස්ථානයකට තුවක්කුකරුවන් විසින් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

ගිනි අවි පුහුණු සැසියක් අතරතුර, යුක්‍රේනයේ සටන් කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ කණ්ඩායමකට පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ප්‍රහාරකයන් හිටපු සෝවියට් ජනරජයකින් පැමිණි අය බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇති නමුත් වැඩිදුර තොරතුරු ලබා දී නැති බවයි වාර්තා වන්නේ

යුක්‍රේනයට මායිම්ව පිහිටි රුසියාවේ බෙල්ගොරොද් ප්‍රදේශයේ සිදුවූ මෙම සිද්ධියේදී තුවක්කුකරුවන්වද වෙඩි තබා ඝාතනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් වෛද්‍ය මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබන බවයි සඳහන් වන්නේ

Share This