කේදර්නාත්හි හෙලිකොප්ටර් අනතුරකින් 6ක් ජීවිතක්ෂයට

කේදර්නාත්හි හෙලිකොප්ටර් අනතුරකින් 6ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ කේදර්නාත්හි හෙලිකොප්ටර් අනතුරකින් වන්දනාකරුවන් 5 දෙනෙකු සහ ගුවන් නියමුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

කේදර්නාත් සිට ගුවන්ගත වූ වහාම හෙලිකොප්ටරය කඩා වැටී ඇති අතර හෙලිකොප්ටර් යානයේ නියමුවෙකු ඇතුළු හත් දෙනෙකු ඒ වන විට සිට ඇති බවයි විදෙස් ආරංචි මාර්ග පවසන්නේ

හෙලිකොප්ටරය කේදර්නාත් ගුවන් තොටුපළෙන් ගුවන්ගත කිරීමෙන් පසු ටික වේලාවකට ගිනිගෙන තිබෙන බවද සඳහන් වනවා

මේ වන විට සිරුරු 6ක් සොයා ගෙන ඇති බවත්,ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවත් එරට නිලධාරීහු පවසා තිබෙනවා

අයහපත් කාලගුණය මෙම අනතුරට හේතු වී ඇති බවට සැක පළ කරන බවත් ඒ පිළිබඳ තොරතුරු සොයමින් සිටින බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා

 

Share This