කාශ්මීර ආක්‍රමණ මතක

කාශ්මීර ආක්‍රමණ මතක

 

දකුණු ආසියානු කලාපයේ පකිස්තානයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පවතින විවේචන අතර උපමහාද්වීපය තුළ ත්‍රස්තවාදය ව්‍යාප්ත කිරීමට අඛණ්ඩව සහය දීම සහ මත්ද්‍රව්‍ය ජාවාරමට ඉඩදීම කැපී පෙනෙනවා. වර්ෂ 1947 ආරම්භයේ සිටම එරට ඉතිහාසය පුරාවටම කාශ්මීර නිම්නයේ ප්‍රචණ්ඩත්වය සහ භීෂණය පැතිරවීමේ සෘජු භූමිකාව මීට හොඳම උදාහරණයක්.

එතකින් ‍නොනැවතී 1947 සරත් සෘතුවේ දී නීතිවිරෝධී ලෙස කාශ්මීර නිම්නය වටලා ජම්මු සහ කාශ්මීර ප්‍ර‍දේශයන්ට නීති විරෝධී ලෙස ඇතුළු වීමට කටයුතු කළා . මෙහිදී කොල්ලකෑම පමණක් නොව, මෙම ආක්‍රමණිකයන් බිහිසුණු කුරිරු ක්‍රියාවන්හි නිරත වූ අයුරු ද ඉතිහාසයේ සදහන්. අවසානයේ ජනතාව බේරා ගැනීමට ඉන්දියානු සන්නද්ධ හමුදාවන්ට පැමිණීමට සිදු වූ අතර ප්‍රහාරකයින් මුළු ප්‍රාන්තයම ඉතා ම්ලේච්ඡ හා රුදුරු ලෙස කොල්ල කනු ලැබුවා.

මෙම ආක්‍රමණිකයන්ගේ ම්ලේච්ඡත්වය ගැන අහිංසක කාශ්මීර ජනතාව දැඩි සේ කම්පාවට පත් වුණා. මෙම ම්ලේච්ඡ ආක්‍රමණය කිසිදා අමතක නොවන්නට කාශ්මීර සිවිල් සමාජය විසින් වැඩසටහන් රාශියක් සංවිධානය කර තිබෙනවා. ඒ මෙම ම්ලේච්ඡ ක්‍රියා පිළිබඳ මතකය මැකී නොයා යුතු බව විශ්වාස කරමින්. ඇත්ත වශයෙන්ම, සිවිල් සමාජයේ ප්‍රමුඛ සාමාජිකයින් කාශ්මීරයේ සුළුතර සිවිල් වැසියන් ඉලක්ක කරගත් ඝාතනවලට එරෙහිව දැඩි ලෙස අදහස් පළකරනවා.

එම ප්‍රදේශය කුරිරු ලෙස විනාශ කළ ආකාරය සහ  ඉන්දීය හමුදාව ඉන් පසුව මැදිහත් වූ ආකාරය පිළිබඳ ඓතිහාසික දැනුම නිවැරදිව බෙදා හැරීමේ අවශ්‍යතාවය තමයි මින් අවධාරණය කරන්නේ.

අදටත් කාශ්මීර වැසියන්ට මතකයේ තිබෙන්නේ 1947 ඔක්තෝබර් 22 වැනිදා ඉන්දීය සොල්දාදුවන් මෙම ආක්‍රමණිකයන්ගෙන් ඔවුන් බේරා ගන්නා තුරු ගත කළ අයුරුයි.

කණ්ඩායම් මුසාෆරාබාද් මාර්ගය ඔස්සේ ශ්‍රීනගර් දෙසට ගමන් කළේ ගුවන් මඟින් බනිහාල් පාස් වෙත යාමේ මූලික අරමුණ ඇතිවයි. ඒ සමඟම ලෂ්කර්වරුන්ට විවිධ මාර්ග හරහා ඉදිරියට ගොස් සොපෝර්, පූන්ච්, රාජෝරි, ගුල්මාර්ග් සහ ජම්මු අල්ලා ගන්නා ලෙස දැනුම් දී තිබුණා.

මීට අමතරව, ඇබොටාබාද් කලාපයේ පිහිටුවා ඇති  7 වන පාබල සේනාංකය හරහා මෙම ලෂ්කර්වරුන්ට සහාය වීමට සහ එම ප්‍රදේශය පුරා ඔවුන්ගේ ග්‍රහණය තහවුරු කර ගැනීමට උදව් කිරීමට වහාම එහි යාමට සූදානම් වන ලෙස නියෝග කර තිබුණා.

කොල්ලකෑම්, මංකොල්ලකෑම්, දූෂණය කිරීම්, පැහැරගෙන ගොස් අහිංසක සිවිල් වැසියන් දහස් ගණනක් මරා දැමීම් බොහෝ සේ සිදු වුවත් කාශ්මීරය ස්වාධීන රාජ්‍යයක් වූ බැවින් ඉන්දියාවට මීට පෙර ඒවාට මැදිහත් වීමට නොහැකි වුණා.

කෙසේවුවත්, දරා ගත නොහැකි පීඩනය හමුවේ මෙම ආක්‍රමණිකයන් පාලනය කර ගත නොහැකි වූ තැන කාශ්මීරයේ පාලකයා තිරි වී ඇති ජීවිත බේරා ගැනීමට සහාය වන ලෙස ඉල්ලා සිටියා

ඒ අනුව, 1947 ඔක්තෝබර් මාසයේ දී ඉන්දියාව සමග එකතු වීමට කාශ්මීර පාලකයා තීරණය කළේ, පාකිස්තාන ජන කොටස්වලින් සිදු වන ආක්‍රමණ වළක්වාලීමට, ඉන්දියාව දුන් සහයෝගයට ප්‍රති උපකාරයක් වශයෙන්.

 

ඒ සමගම දෙරට අතර යුදමය තත්ත්වයක් ඇතිවුණා. එය සමනය කිරීමට, ඉන්දියාව එක්සත් ජාතීන්ගේ ද පිහිට පැතුවා.
එක්සත් ජාතීන් නිර්දේශ කළේ ජනමත විචාරණයක් පවත්වා තමන් එක් වීමට කැමති ඉන්දියාව සමග ද නැතහොත් පාකිස්තානය සමග ද යන්න තීරණය කිරීමට කාශ්මීරයට අවස්ථාව දිය යුතු බවයි.

ඒ අනුව 1949 ජුලි මාසයේදී ඉන්දියාව සහ පාකිස්තානය සම්මුතියකට එළැඹුණා. ඒ අනුව එක්සත් ජාතීන්ගේ නිර්දේශය අනුව සටන් විරාම රේඛාවක් ඇති කිරීමට දෙරටම එකඟ වුණා.
එහෙත් කාශ්මීර වැසියන්ගේ නිදහස වෙනුවෙන් කටයුතු කිරීම වෙනුවට පකිස්ථානය දිගින් දිගටම අහිංසක ජීවිත බිලිගන්නා ත්‍රස්තවාදී කණ්ඩායම් බෝ කරමින් සිටිනු දක්නට ලැබුණා.

කාශ්මීර කැරැල්ලේදී මෙන්ම 1990 ගණන්වල අග භාගයේදී ඇෆ්ගනිස්ථානයට යවන ලද ගෝත්‍රිකයන් යොදා ගනිමින් 1947 සිදු කළ දෙයම නැවත නැවතත් කිරීමට පකිස්තානය උත්සාහ කර තිබෙනවා. කෙසේවෙතත්, ඉන්දියාව හෝ ඇෆ්ගනිස්ථානය දුර්වල කිරීම වෙනුවට, එය පාකිස්තානයේම ආරක්ෂාව පිළිබඳ ගැටළු රාශියකට පමණක් හේතු වී ඇති බව පැහැදිලියි. ගෝලීය මූල්‍ය අපරාධ නිරීක්ෂණ සංවිධානයක් වන Financial Action Task Force පසුගියදා පාකිස්තානය ත්‍රස්තවාදයට අරමුදල් සපයන ‘අළු’ ලැයිස්තුවේ රඳවා ගැනීමට ගත් තීරණය ඊට හොඳ උදාහරණයක්.

පකිස්ථානය විසින් අවශ්‍ය කිසිදු ක්ෂේත්‍රයක සැලකිය යුතු ප්‍රගතියක් නොලබන බව හිස් පොරොන්දු, ඉහළ මට්ටමේ හිස් දේශපාලන කැපවීම් සහ මුදල් විශුද්ධිකරණය කිරීමේ රාමුවේ අනෙකුත් අකාර්යක්ෂමතාවන් එක්ව පෙන්වා දෙනවා.

පකිස්ථානය වැනි මුරණ්ඩු, ත්‍රස්තවාදයට අරමුදල් සපයන්නෙකුට, සුවිශාල ගෝලීය රාමුව තුළ රට හුදකලා කිරීම සඳහා වන ක්‍රියාමාර්ග පමණක් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට තිබෙනවා. 1947 ඔක්තෝම්බර් 22 වෙනිදා සමග ඇති මතකයන් පිළිබඳ වැඩසටහන්, සම්මන්ත‍්‍රණ සහ වැඩමුළු ආදිය එදවස ඓතිහාසික වශයෙන් කොතෙක් වැදගත් දැයි පෙන්නුම් කරනවා. කාශ්මීරයේ ගැටුම හුදෙක් මූලෝපායික භූමිය පිළිබඳ ඓතිහාසික ප්‍රතිරූපය නිවැරදි කිරීමට දේශීය ජනතාව සහ පුළුල් ගෝලීය ප්‍රජාව අතර එවැනි දැනුවත් කිරීමක් අවශ්‍ය වනු ඇති.

සැබැවින්ම එය අහිංසක කාශ්මීර සිවිල් වැසියන්ට එරෙහිව දරුණු පාකිස්ථාන පාලනය විසින් මුදා හරින ලද ම්ලේච්ඡත්වය ගැන කියවීමක් කිව්වොත් නිවැරදියි. අවම වශයෙන් ආරක්ෂිත බව සහතික කිරීම සඳහා හෝ ලෝකය නිරන්තරයෙන්ම පාකිස්තානය මත පීඩනය වැඩි කළ යුතුයි. එය හුදෙක් මානුෂීය මෙහෙවරක් ලෙස හැඳින්විය හැක්කේ තවමත් පාකිස්තාන බලපෑම් හමුවේ අහිංසක ජනතාව අසරණව සිටින නිසායි.

Share This