උගන්ඩාවේ ‘Ebola වෛරසය’ ආසාදිත රෝගීන් තවත් ඉහළට

උගන්ඩාවේ ‘Ebola වෛරසය’ ආසාදිත රෝගීන් තවත් ඉහළට

උගන්ඩාවේ කම්පාලා අගනුවර පිහිටි මුලාගෝ ජාතික රෝහලේදී තවත් පුද්ගලයින් 9 දෙනෙකු’ Ebola වෛරසය’ සඳහා ධනාත්මක බව පරීක්ෂණවලින් තහවුරු කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

ඒ අනුව මෙම රෝහලේ ‘Ebola වෛරසය’ ධනාත්මක රෝගීන් සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් තිබෙනවා

නිරෝධායන ක්‍රියාවලියක් ක්‍රියාත්මක වන නමුත් එරට අගනුවර ‘Ebola වෛරසය’ ආසාදිතයින් තවත් වාර්තා වන බවද විදෙස් මාධ්‍ය පවසනවා

නිල සංඛ්‍යාලේඛනවලට අනුව දැනට රට තුළ ධනාත්මක ‘Ebola ‘රෝගීන් 75 ක් සිටින අතර ඉන් 28 දෙනෙකු මියගොස් තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This