දකුණු සෝමාලියාවේ හෝටලයකට ජිහාඩ් ත්‍රස්තවාදීන්ගෙන් වෙඩි ප්‍රහාර -9ක් මරුට

දකුණු සෝමාලියාවේ හෝටලයකට ජිහාඩ් ත්‍රස්තවාදීන්ගෙන් වෙඩි ප්‍රහාර -9ක් මරුට

දකුණු සෝමාලියාවේ හෝටලයකට ජිහාඩ් ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

50කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති අතර, මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවටයි එරට බලධාරීන් අනතුරු අඟවා තිබෙන්නේ

කිස්මායෝහි හෝටලයට කඩා වැදී මිනිසුන්ට වෙඩි තැබූ ප්‍රහාරකයින් තිදෙනෙකුව එරට ආරක්ෂක අංශ විසින් මරා දමා තිබෙන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

සිව්වෙනි ප්‍රහාරකයා හෝටලයට ඇතුළු වන ස්ථානයේ දී ඔහු විසින් මෝටර් රථය පුපුරුවා හැරීමෙන් පසු මිය ගොස් තිබෙනවා

අල්කයිඩාවට සම්බන්ධ අල්-ෂබාබ් සටන්කාමී කණ්ඩායම ප්‍රකාශ කර තිබෙන්නේ ඔවුන් විසින් මෙම ප්‍රහාරය සිදුකළ බවයි.

Share This