රිෂී , චාල්ස් රජු හමුවෙයි

රිෂී , චාල්ස් රජු හමුවෙයි

බ්‍රිතාන්‍ය කොන්සවේටිව් පක්ෂයේ නායකයා ලෙස තේරී පත්වූ රිෂී සුනක් අද (25) චාල්ස් රජු හමුවීමට බකිංහැම් මාලිගාවට ගොස්  තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, එහිදී චාල්ස් රජු විසින් සුනක් ට ආණ්ඩුවක් ඇතිකරන ලෙස ආරාධනා කළ බවයි

ඒ අනුව සුනක් බ්‍රිතාන්‍ය අගමැතිවරයා ලෙස එතැන් සිට පිළිගැනෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔහු එරට අගමැති 57 වැනි අගමැතිවරයා වන අතර එම තනතුරට පත්වූ ආසියානු සම්භවයක් සහිත පළමුවැනි පුද්ගලයායි.

 

Share This