“ලෝකයේ අපිරිසිදුම මිනිසා” ලෙස හැඳින්වූ අමූ හාජි මිය යයි

“ලෝකයේ අපිරිසිදුම මිනිසා” ලෙස හැඳින්වූ අමූ හාජි මිය යයි

“ලෝකයේ අපිරිසිදුම මිනිසා” ලෙස මාධ්‍ය විසින් හඳුන්වන ඉරාන ජාතික අමූ හාජි මිය ගොස් තිබෙනවා.

මිය යනවිට ඔහු 94වන වියේ පසු වූ බව සඳහන්.

අසනීප වේ යැයි බියෙන් අමූ හාජි අඩ සියවසකට වැඩි කාලයක් සබන් සහ ජලය භාවිතා කිරීම ප්‍රතික්ෂේප කර තිබූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

කෙසේ වෙතත් ගම්වාසීන් විසින් අවස්ථා කිහිපයකදී ඔහුව පවිත්‍ර කිරීමට උත්සාහ දරා තිබුණත් එය අසාර්ථක වී තිබුණා.

නමුත්, විදෙස් මාධ්‍ය පවසන්නේ, අවසානයේ අමූ හාජි මීට මාස කිහිපයකට පෙර තම ශරීරය සෝදාගෙන ඇති බවයි.

ඉරානයේ IRNA ප්‍රවෘත්ති ඒජන්සියට අනුව, ඔහු ඉන් ටික කලකට පසු රෝගාතුර වූ අතර ඉන් පසුවයි මෙලෙස මියගොස් ඇත්තේ.

ඔහු දුම්පානයට ද ප්‍රිය වූ අතර, අඩුම තරමින් එක් අවස්ථාවකදී එකවර සිගරට් එකකට වඩා වැඩි ප්‍රමාණයක් උරන අයුරු ඡායාරූප අන්තර්ජාලයේ දක්නට ලැබෙනවා.

Share This