ලෝක බැංකුවෙන් සැම්බියාවට ඩොලර් මිලියන 270ක ණයක්

ලෝක බැංකුවෙන් සැම්බියාවට ඩොලර් මිලියන 270ක ණයක්

ලෝක බැංකුව විසින් කොවිඩ් වෛරස් වසංගතයේ බලපෑම්, යුක්‍රේනයේ යුද්ධයේ ආර්ථික බලපෑම සහ එහි ණය අර්බුදය කළමනාකරණය කිරීම සඳහා සැම්බියාවට ඩොලර් මිලියන 270 (පවුම් මිලියන 232) ණයක් අනුමත කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

සැම්බියාව කොවිඩ් වසංගතය ආරම්භයේ සිට ණය ගෙවීම පැහැර හරින ලද පළමු අප්‍රිකානු රට බවට පත්ව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ

සැම්බියාව යනු ප්‍රධාන වශයෙන් තඹ නිෂ්පාදනය කරන රටක් වන අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට උදව් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අගෝස්තු මාසයේදී ද ඩොලර් බිලියන 1.3 ක ණයක් අනුමත කර තිබෙනවා

ලෝක බැංකු සභාපතිවරයා සැම්බියාවේ ණය අඩු කිරීමට උදව් කරන ලෙස අනෙකුත් ණය දෙන්නන්ගෙන් ඉල්ලා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

Share This