ඉන්දියාවේ පාලමක් කඩා වැටීමෙන් මිය ගිය ගණන 141ක් දක්වා ඉහළට

ඉන්දියාවේ පාලමක් කඩා වැටීමෙන් මිය ගිය ගණන 141ක් දක්වා ඉහළට

ඉන්දියාවේ බටහිර ගුජරාට් ප්‍රාන්තයේ එල්ලෙන පාලමක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 141 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

ගුජරාටයේ මෝර්බි දිස්ත්‍රික්කයේ ජාතික සහ ප්‍රාන්ත ආපදා ප්‍රතිචාර බලකායේ නිලධාරීන් 500ක් පමණ එම ස්ථානයේ සිටිමින් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

ගඟෙන් කැඩී ගිය පාලමේ සුන්බුන් ඉවත් කිරීමට නිලධාරීන් දොඹකර භාවිතා කරමින් සිටින බවද සඳහන් වනවා

මේ වන විට සිරුරු 133ක් පවුලේ සාමාජිකයන් වෙත භාර දී තිබෙනවා

Share This