හිටපු ලයිබීරියානු කැරලිකාර අණදෙන නිලධාරියෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

හිටපු ලයිබීරියානු කැරලිකාර අණදෙන නිලධාරියෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

ලයිබීරියාවේ සිවිල් යුද්ධයේදී මනුෂ්‍යත්වයට එරෙහි අපරාධවලට හවුල් වීම සම්බන්ධයෙන් පැරිස් අධිකරණයක් විසින් හිටපු ලයිබීරියානු කැරලිකාර අණදෙන නිලධාරියෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

කුන්ති කමාරා නැමැති මෙම නිලධාරියා 1990 ගණන්වල වයඹ ලයිබීරියාවේ ත්‍රස්තවාදී පාලනයක් පාලනය කළ උලිමෝ සන්නද්ධ මිලීෂියාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ .

ඔහුට එරෙහි චෝදනා අතරට පාසල් ගුරුවරියක් ප්‍රසිද්ධියේ ඝාතනය කිරීමද වනවා

කමරා මහතාගේ නීතීඥයින් තර්ක කර තිබුණේ ඔහුට එරෙහි සාක්ෂි විශ්වාස කළ නොහැකි බවයි.

ඔහුව ප්‍රංශයේදී නඩු විභාගයට ලක් කරන ලද අතර, ප්‍රංශ නීතිය මගින් බරපතලම අපරාධ විදේශයන්හි සිදු වුවද ඒවාට එරෙහිව නඩු පැවරීමට අවසර ලබා දී තිබෙනවා

1993 සිට වසර 10 ක කාලය තුළ ලයිබීරියාවේ සිවිල් නොසන්සුන්තාවයෙන් මිලියන හතරක් පමණ මිනිසුන් ජීවිතක්ෂයට පත්ව ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This