ඉම්රාන් ඛාන්ට සැත්කමක් -6කට තුවාල (VIDEO)

ඉම්රාන් ඛාන්ට සැත්කමක් -6කට තුවාල (VIDEO)

පාකිස්ථානයේ බලයෙන් පහකළ අගමැති ඉම්රාන් ඛාන්ගේ කකුලට වෙඩි උණ්ඩයක් වැදීමෙන් අස්ථියක් කැඩී ඇති බවත් ඔහුගේ කලවා ප්‍රදේශයටද වෙඩි වැදී ඇති බවත් පාකිස්ථාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) ජ්‍යෙෂ්ඨ නායක අසාද් උමාර් සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා

ඛාන්ගේ හිටපු ප්‍රවෘත්ති අමාත්‍ය සෙන් ෆවාඩ් චෞද්‍රි පවසා තිබෙන්නේ ඛාන් ශල්‍යකර්මයකට භාජනය වන අතර තවත් හය දෙනෙකු තුවාල ලබා තවමත් ප්‍රතිකාර ලබන බවයි.

වෙඩි වැදීමෙන් පසු ඉම්රාන් ඛාන් මහතා ලාහෝර්හි රෝහලකට ප්‍රතිකාර සඳහා රැගෙන ගියා

ඉම්රාන් ඛාන් නැගෙනහිර වසිරාබාද් නගරයේ විරෝධතා පා ගමනක් පවත්වමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වුණා

මෙම වෙඩි තැබීමෙන් එක් අයෙකු මිය ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

කඩිනමින් මැතිවරණයක් ඉල්ලා මෙම විරෝධතා පා ගමන කැඳවා තිබුණු බවත් 70 හැවිරිදි ඛාන් මහතා ඉස්ලාමාබාද් අගනුවරින් අවසන් වීමට නියමිතව තිබූ පා ගමනට නායකත්වය දී තිබෙන බවත් විදෙස් මාධ්‍ය පවසනවා

මේ අතර හිටපු අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීමට තැත් කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව එරට පොලිසිය දැනුම් දී තිබෙනවා

පාකිස්ථානයේ වත්මන් අගමැති Shehbaz Sharif මෙම වෙඩි තැබීම හෙළා දකින අතර වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග කර ඇති අතර එරට ජනාධිපති Arif Alvi ප්‍රකාශ කර ඇත්තේ මෙම සිද්ධිය ඝාතන උත්සාහයක් බවටයි

Share This