ඉම්රාන් ඛාන්ට වෙඩි වැදීමෙන් පසු අගනුවර පාසැල් වසා දැමේ – තුවාල ලැබූ ගණන 10 දක්වා ඉහළට

ඉම්රාන් ඛාන්ට වෙඩි වැදීමෙන් පසු අගනුවර පාසැල් වසා දැමේ – තුවාල ලැබූ ගණන 10 දක්වා ඉහළට

පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වෙඩි තැබීමෙන් පසුව, ඔහුගේ සහායකයින් විසින් රටපුරා විරෝධතා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඉස්ලාමාබාද් අගනුවර පාසල් වසා දමා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එමෙන්ම ඉම්රාන් ඛාන්ට එල්ල වූ ප්‍රහාරය ඝාතනය කිරීමට තැත් කිරීමක් බව ඔහුගේ ආධාරකරුවන් පවසා ඇති අතර මෙම ප්‍රහාරය ජාත්‍යන්තරය පවා හෙළා දැක ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

පැවති විරෝධතා පාගමනකදී ඉම්රාන් ඛාන්ගේ පාදයකට වෙඩි වැදීමෙන් පසු රෝහල්ගතව මේ වනවිට සුවය ලබමින් සිටින බවද විදෙස් මාධ්‍ය පවසනවා

70 හැවිරිදි ඉම්රාන් ඛාන් මහතාගේ රථ පෙළට එල්ල වූ ප්‍රහාරයෙන් එක් අයෙක් මිය ගොස් ඇති අතර අවම වශයෙන් 10 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

 

Share This