පලස්තීනයට ඉන්දියාවෙනුත් ආධාර

පලස්තීනයට ඉන්දියාවෙනුත් ආධාර

ඉන්දීය රජය මගින් පලස්තීනයට අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා,

ඒ ඉන්දියාව, පලස්තීනයට වාර්ෂිකව ලබා දෙන මූල්‍ය අරමුදලේ දෙවන කොටස ලෙසයි.

පලස්තීන රජයට ලබා දුන් පොරොන්දුවක් අනුව ඉන්දියාව සෑම මූල්‍ය වර්ෂයකදීම අමෙරිකානු ඩොලර් මිලියන 5 ක මුදල් ප්‍රදානයක් සිදු කරනවා.

ඒ පලස්තීනයේ සරණාගත ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන්.

එක්සත් ජාතීන්ගේ සහන නියෝජිත ආයතනය (UNRWA) හරහා ලබා දෙන එම මුදල් පලස්තීන දරුවන්ගේ පාසැල් සහ වෛද්‍ය පහසුකම් සපුරාලීම සදහා යොදා ගැනෙනවා.

2018 වසරේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මැදිහත්වීම මත මෙම වැඩසටහන පුළුල් කර අමෙරිකානු ඩොලර් මිලියන 1.2 ක් පැවැති සහන මුදල මිලියන 5 ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව 2018 වසරේ සිට මේ දක්වා ඉන්දියාව, පලස්තීනයේ සරණාගත වැසියන්ගේ අභිවෘද්ධිය උදෙසා ප්‍රදානය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 22.5 ක්.

Share This