අනාගතය අඳුරේ ඇති රටක් !

අනාගතය අඳුරේ ඇති රටක් !

පාකිස්ථානය විසින් අත්පත් කරගෙන ඇති ප්‍රදේශයක් වන ගිල්ගිට්-බෝල්ටිස්තානයෙහි අනාගතය අවිනිශ්චිත තත්වයකට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අවශ්‍යතා හේතුවෙන් ප්‍රදේශවාසීන් මර්දනය කිරීම සහ ස්වභාවික සම්පත් සූරාකෑම ඉහළ ගොස් ඇති බව අදාළ වාර්තාවල වැඩිදුරටත් සඳහන්.

ගිල්ගිට්-බෝල්ටිස්තානය පකිස්ථානය විසින් පාලනය කරනු ලබන කලාපයක් වන අතර, 1947 සිට ඉන්දියාව සහ පාකිස්ථානය අතරත් සහ පසුකාලීනව ඉන්දියාව සහ චීනය අතරත් ආරවුලකට ලක්ව ඇති කාශ්මීර කලාපයේ උතුරු කොටසේ පිහිටා තිබෙනවා.

මෑතකදී, ආක්‍රමණික කාශ්මීර (PoK) කලාපය තුළ ගිල්ගිට්-බෝල්ටිස්තානය විශේෂ අවධානයකට ලක් වූයේ , දැඩි ලෙස පනවා ඇති බදු, තිරිඟු කෝටාව අඩු කිරීම සහ කලාපයේ ඉඩම් ප්‍රතිසංස්කරණ පනතට එරෙහිව අවාමි ක්‍රියාකාරී කමිටුවේ විරෝධතා රැලි ආදිය හේතුවෙනි.

පසුව අවාමි ක්‍රියාකාරී කමිටුවේ සභාපති ෆිඩා හුසේන් සහ තවත් ජ්‍යෙෂ්ඨ නායකයින් කිහිප දෙනෙකු ඇතුළු ඔවුන්ගේ නායකයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ද විරෝධතා පැවැති බව විදෙස් වාර්තාවල සබදහන්

Share This