ටැන්සානියානු මගී ගුවන් යානය විලකට කඩා වැටීමෙන් මියගිය ගණන 19ක් (VIDEO)

ටැන්සානියානු මගී ගුවන් යානය විලකට කඩා වැටීමෙන් මියගිය ගණන 19ක් (VIDEO)

ටැන්සානියානු මගී ගුවන් යානයක් බුකෝබා වැව ආසන්නයේ පිහිටි නගරයට ගොඩබෑමට තැත් කිරීමේදී වික්ටෝරියා විලට කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙන පුද්ගලයින් ගණන 19ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

යානයේ සිටි පුද්ගලයින් 43 දෙනාගෙන් 24 දෙනෙකු දිවි ගලවා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

බුකෝබා ගුවන් තොටුපළ ධාවන පථයේ කෙළවර වෙරළ ආසන්නයේදී යානය කඩා වැටී ඇති බවයි පැවසෙන්නේ

යානය ගොඩබෑමට සූදානම් වන විට අයහපත් කාලගුණය මෙම සිදුවීමට බලපෑ ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

නැවත දැනුම් දෙන තුරු ගුවන් තොටුපළ වසා දමා ඇති අතර එරට ජනාධිපති Samia Suluhu Hassan විපතට පත් වූවන් වෙත සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා

Share This