මුදාගත් යාත්‍රාවේ සිටි ‘ලාංකික සරණාගතයින් බවට සැකකෙරෙන පිරිස’ ගෙන්වා ගැනීමට සාකච්ඡා

මුදාගත් යාත්‍රාවේ සිටි ‘ලාංකික සරණාගතයින් බවට සැකකෙරෙන පිරිස’ ගෙන්වා ගැනීමට සාකච්ඡා

වියට්නාම – සිංගප්පූරු මුහුදු සීමාවේදී මුදාගෙන ඇති ලාංකික සරණාගතයින් බවට සැකකෙරෙන 303 ක පමණ පිරිසක් ගමන්ගත් යාත්‍රාවක් සම්බන්ධයෙන් තවත් තොරතුරු මේවනවිට හෙළිව තිබෙනවා.

ඔවුන් ගෙන්වාගැනීම සඳහා වියට්නාම බලධාරීන් සමග ශ්‍රී ලංකා බලධාරීන් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පිරිස ජපාන නෞකාවක් මගින් බේරාගනු ලැබුවා.

මුදාගන්නා අවස්ථාවේදී යාත්‍රාව තුළ පිරිමි පුද්ගලයන් 264දෙනෙකු, කාන්තාවන් 19දෙනෙකු සහ ළමුන් 20දෙනෙකු එහි සිටි බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ

Share This