පැරිස් ගුවන් තොටුපළේ වසර 18ක් ජිවත් වූ ඉරාන ජාතිකයා මිය යයි

පැරිස් ගුවන් තොටුපළේ වසර 18ක් ජිවත් වූ ඉරාන ජාතිකයා මිය යයි

වසර 18ක් පැරිස් ගුවන් තොටුපළක ජීවත් වූ ඉරාන ජාතිකයෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඔහු නමින් Mehran Karimi Nasseri (මෙහ්රාන් කරිමි නසේරි )

මෙම තැනැත්තා 1988 වසරේදී Roissy Charles de Gaulle ගුවන් තොටුපළේ කුඩා ප්‍රදේශයක් තම නිවස බවට පත් කර ගෙන තිබුණා .

1945 වසරේ ඉරානයේ කුසෙස්තාන් ප්‍රාන්තයේ උපත ලද නසේරි ප්‍රථමයෙන් සිය මව සොයා යුරෝපයට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

නිවැරදි සංක්‍රමණ ලේඛන නොමැතිවීම හේතුවෙන් එක්සත් රාජධානිය, නෙදර්ලන්තය සහ ජර්මනිය ඇතුළු රටවලින් නෙරපා හරින ලද ඔහු වසර කිහිපයක් බෙල්ජියමේ ජීවත් වී තිබෙනවා .

ඉන්පසුව මෙහ්රාන් කරිමි නසේරි ප්‍රංශයට පැමිණ ඇති අතර එහිදී ඔහු ගුවන් තොටුපළේ 2F පර්යන්තය තම නිවස බවට පත් කර ගත් බවයි පැවසෙන්නේ

බඩු බාහිරාදිය තමා අසලින් තබා ගනිමින් බංකුවක් මත වැතිර සිටි ඔහු තම ජීවිතය සටහන් පොතක සටහන් කරමින් පොත්පත් හා පුවත්පත් කියවමින් දින ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ඔහුගේ අත්දැකීම් ඇතුළත් කරමින් 2004 වසරේදී Hanks සහ Catherine Zeta-Jones රංගනයෙන් දායක වූ The Terminal චිත්‍රපටයද නිපද වුණා

ඔහුගේ කතාව ජාත්‍යන්තර මාධ්‍යයේ අවධානයට ලක් වූ අතර චිත්‍රපටිය ප්‍රදර්ශනය කිරීමෙන් පසුව, හොලිවුඩ් චිත්‍රපටයකට ආභාෂය ලබා දුන් පුද්ගලයා සමග කතා කිරීමට මාධ්‍යවේදීන් එක් රැස් වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ඒ අනුව දිනකට සම්මුඛ සාකච්ඡා හයක් දක්වා ලබා දීමටද මෙහ්රාන් කරිමි නසේරි කටයුතු කර තිබෙනවා

1999 දී සරණාගත තත්ත්වය මත ප්‍රංශයේ රැඳී සිටීමට අයිතිය ඔහුට ලබා දී තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

ඔහු 2006 දී අසනීපයකට ප්‍රතිකාර ගැනීමට රෝහල් ගත කරන තෙක් ගුවන් තොටුපළේ රැඳී සිට තිබෙනවා

ඉන්පසු ඔහු චිත්‍රපටිය සඳහා ලැබුණු මුදලින් නේවාසිකාගාරයක ජීවත් වෙමින් කාලය ගත කළ බවයි ප්‍රංශ පුවත්පතක් වන Libération වාර්තා කර තිබෙන්නේ

නසේරි සති කිහිපයකට පෙර නැවත ගුවන් තොටුපළට පැමිණි තිබෙනවා

එහිදී ඔහු ජිවිතක්ෂයට පත්වන තුරුම ජීවත් ව ඇති අතර ඔහු සන්තකයේ තිබී යුරෝ දහස් ගණනක් සොයා ගත් බව ගුවන් තොටුපොළ නිලධාරියෙක් වැඩිදුරටත් සඳහන් කරනවා

 

Share This