අර්ෂාඩ් ෂරීෆ්ගේ ඝාතනය  ගැන ආන්දෝලනයක් 

අර්ෂාඩ් ෂරීෆ්ගේ ඝාතනය  ගැන ආන්දෝලනයක් 

පාකිස්ථාන මාධ්‍යවේදී අර්ෂාඩ් ෂරීෆ්ගේ ඝාතනය මනාව සැලසුම් කර සිදු කරන ලද්දක් බව කෙන්යාවේ මානව හිමිකම් කොමිසම පවසනවා.
පාකිස්ථාන මාධ්‍යක් වෙත අදහස් දක්වමින් එම කොමිසමේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් උපදේශක Martin Mavenjina පැවසුවේ යමෙකු විසින් සිදුකරන අපරාධයක් සේ සලකා අදාළ ඝාතනය සම්බන්ධයෙන් වන ඉදිරි පරීක්ෂණ සිදුකෙරෙන බවයි.
එමෙන්ම ෂරීෆ් ඝාතනය වූ අවස්ථාවේ එම ස්ථානයේ ඔහු සිටින බව නිත්‍ය වශයෙන්ම දැන සිටියේ කෙසේද යන්න සම්බන්ධයෙන් ද ගැටලුවක් පැන නැගී ඇති බව ද කෙන්යාවේ මානව හිමිකම් කොමිසමේ ප්‍රධානියා මාධ්‍ය හමුවේ පවසා තිබෙනවා.
එමෙන්ම ඔවුන් අදාල සිද්ධිය අත්වැරදීමක් බවට නිදහසට කරුණු පවසමින් ඊට වසන් වී සිටින බව ද කෙන්යාවේ මානව හිමිකම් කොමිසමේ ප්‍රධානියා මාධ්‍ය හමුවේ අනාවරණ කර තිබෙනවා.
ඒ අනුව චෝදනා එල්ල වී ඇති පරිදි අදාළ ඝාතනය සදහා කෙන්යා පොලීසිය වරදකරුවන් වන බවයි කෙන්යාවේ මානව හිමිකම් කොමිසමේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් උපදේශක Martin Mavenjina මාධ්‍ය හමුවේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
පාකිස්ථාන මාධ්‍යවේදී අර්ෂාඩ් ශරීෆ් කෙන්යාවේ නයිරෝබි නුවරදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණේ ඉකුත් ඔක්තෝබර් 23 වනදායි.
කෙන්යාවේ පොලිසිය විසින් අත්වැරදීමකින් සිදු කළ වෙඩි ප්‍රහාරයක් හමුවේ ඔහු ඝාතනයට ලක්ව ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වුණේ.
Share This