පාර්ලිමේන්තු මන්ත්රීවරයක් සභාගැබේ උපවාසයක
ධීවර ගැටලුවලට විසඳුම් ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී දිලීප් වෙදආරච්චි මහතා පාර්ලිමේන්තු සභාගැබ තුළ උපවාසයක නිරත වුණා.
ධීවරයන් හට ඉන්ධන සහනාධාරය ලබා ගැනීමට සහ ලින්නන්,ටින් මාළු,කරවල,උම්බලකඩ පිටරටින් ආනයනය කිරීමට විරුද්ධවයි ඔහු මෙලෙස උපවාසය ආරම්භ කළේ.
අද(21) දිනට යෙදෙන ජාතික ධීවර දිනයට සමගාමීව තමා මෙලෙස උපවාසය ආරම්භ කළ බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී දිලීප් වෙදආරච්චි මහතා කියා සිටියේ.