චීනයේ කොවිඩ් ආසාදිතයන් ඉහළට

චීනයේ කොවිඩ් ආසාදිතයන් ඉහළට

චීනයේ ප්‍රධාන නගරවල කොවිඩ් ව්‍යාප්තිය යළි වර්ධනය වෙමින් පවතින බවත් එරට දෛනික කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 20,000 කට ආසන්න සංඛ්‍යාවක් දක්වා ඉහළ ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා.

පසුගියදා රට තුළ රෝගීන් 19,609 ක් වාර්තා වූ අතර එය මූල්‍ය කේන්ද්‍රස්ථානයක් වන ෂැංහයි මාස දෙකක අගුලු දැමීමක් මධ්‍යයේ අප්‍රේල් අග සිට වාර්තා වූ ඉහළම අගයයි.

දකුණු ප්‍රදේශයේ නිෂ්පාදන කේන්ද්‍රස්ථානය වන ගුයෑන්ග්ශු හි නව ආසාදිතයින් 6,296 ක් වාර්තා වී ඇති බව ද සඳහන්.

චොංකිං සංඛ්‍යාවෙහි සුළු අඩුවීමක් පෙන්නුම් කළ නමුත් තුන්වන දිනටත් 2,000 ට වඩා වැඩි රෝගීන් වාර්තා වී තිබෙනවා.

කෙටි නිරෝධායනය සහ මහා පරිමාණ පරීක්ෂණ සහ නගර පුරා හදිසි අගුලු දැමීම් ඇතුළත් වන නව උපාය මාර්ග ආර්ථිකයට මෙන්ම දෛනික ජන ජීවිතයට ද දැඩි බලපෑම් එල්ල කර ඇති බව එරට වාර්තාවල දැක්වෙනවා.

Share This