එක්සත් ජනපදයේ මරිජුවානා ගොවිපළකදී චීන ජාතිකයන් ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට

එක්සත් ජනපදයේ මරිජුවානා ගොවිපළකදී චීන ජාතිකයන් ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට

එක්සත් ජනපදයේ ඔක්ලහෝමා ප්‍රාන්තයේ ග්‍රාමීය මරිජුවානා ගොවිපළකදී පසුගිය ඉරිදා(20) චීන ජාතිකයන් හතර දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

45 හැවිරිදි වු චෙන් නැමැති මෙම පුද්ගලයා ෆ්ලොරිඩාවේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

අක්කර 10ක භූමි ප්‍රදේශයකදී ඝාතනයට ලක්ව ඇත්තේ පිරිමි තිදෙනෙකු සහ එක් කාන්තාවක් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

තවත් එක පුද්ගලයෙක් රෝහල් ගත කර තිබෙන බවද පැවසෙනවා

අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයාට මිනීමැරුම්, ඝාතනය කිරීමේ චේතනාවෙන් වෙඩි තැබීම ඇතුළු චෝදනා එල්ල වී ඇති බවද එරට පොලිසිය සඳහන් කරනවා

Share This