වසර ගණනාවක් අල්-ෂබාබ් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටි 20දෙනෙකුට නිදහස

වසර ගණනාවක් අල්-ෂබාබ් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටි 20දෙනෙකුට නිදහස

විදේශීය ජාතිකයින් 20 දෙනෙක් අල්-ෂබාබ් සටන්කාමී කණ්ඩායම් විසින් වසර ගණනාවක් රඳවාගෙන සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මේ වනවිට මොවුන් නිදහස් කර ඇති බවත් ඔවුන්ගෙන් සෝමාලියාවේ නිලධාරීන් ප්‍රශ්න කරන බවත් විදෙස් මාධ්‍ය පවසනවා

මොවුන් පාකිස්ථානයේ සහ ඉරානයේ සිට පැමිණි පුද්ගලයන් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

එමෙන්ම තමන් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට පත්වීමට පෙර ධීවරයින් ලෙස කටයුතු කළ බවයි මෙම විදේශීය ජාතිකයින් පවසා තිබෙන්නේ

තමන් මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වීමෙන් පසු සෝමාලියානු ජිහාඩ් කණ්ඩායම විසින් පාලනය කරන නගරයක් වන Harardhere හි අල්-ෂබාබ් සටන්කාමීන් විසින් වසර අටක් රඳවාගෙන සිටි බවද මොවුන් එරට ප්‍රාදේශීය නිලධාරීන්ට පවසා තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

Share This