චීනයේ කොවිඩ් ආසාදිතයින් ඉහළට -කොවිඩ් නීතිවලට එරෙහිව රට පුරා විරෝධතා

චීනයේ කොවිඩ් ආසාදිතයින් ඉහළට -කොවිඩ් නීතිවලට එරෙහිව රට පුරා විරෝධතා

චීනයේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින අතර පනවා ඇති කොවිඩ් නීති ක්‍රියාමාර්ගවලට එරෙහිව එරට ජනතාව විරෝධතා පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මෙම විරෝධතා එරට විශාලතම නගරවලටද ව්‍යාප්ත වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

එරට ජනතාව කොවිඩ් සීමා කිරීම් පමණක් නොව ජනාධිපති ෂී ජින්පිං ද විවේචනය කර ඇති බවත් ෂැංහයි පොලිසිය විසින් විරෝධතාකරුවන් රැසක් අත්අඩංගුවටගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා

විශාල පොලිස් ආරක්ෂාවක් යොදවා මාර්ග බාධක ද යොදා ඇති නමුත් චීන රජය මෙම විරෝධතා පිළිබඳව කිසිදු ආකාරයකින් ප්‍රතිචාර දක්වා නොමැති බවද සඳහන් වනවා

සති අන්තයේදී ජනතාව බීජිං අගනුවර සහ ෂැංහයි වෙත රැස් වූ අතර එහිදී ඇතැමුන් ජනාධිපති ෂී ජින් පිං ඉල්ලා අස්වන ලෙස ඉල්ලමින් විරෝධතා පවත්වා තිබෙනවා

Share This