ලොව විශාලතම සක්‍රීය ගිනි කන්ද පුපුරා යයි(VIDEO)

ලොව විශාලතම සක්‍රීය ගිනි කන්ද පුපුරා යයි(VIDEO)

ලොව විශාලතම සක්‍රීය ගිනි කන්ද වන හවායි හි මවුනා ලෝවා ( Mauna Loa) වසර 40 කට පමණ පසු පළමු වරට පුපුරා ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඒ අවට නිවැසියන්ට අළු වැටීමේ අවදානම පිළිබඳව කලින් අනතුරු අඟවා තිබෙන බවද සඳහන් වනවා

එක්සත් ජනපද භූ විද්‍යා සේවය (USGS) සඳහන් කර ඇත්තේ මෙම තත්ත්වය වේගයෙන් වෙනස් විය හැකි බවයි.

Mauna Loa 1843 සිට 33 වතාවක් පුපුරා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

මීට පෙර 1984 වසරේදී පුපුරා යාමෙන් දිවයිනේ වඩාත්ම ජනාකීර්ණ නගරය වන Hilo සිට සැතපුම් 5 ක් ඇතුළත ලාවා ගලා ගොස් තිබෙනවා

Share This