ඉරාන පාපන්දු කණ්ඩායමේ පරාජය මැද මෝටර් රථයේ නලාව නාද කළ අයෙක් ඝාතනය කෙරේ

ඉරාන පාපන්දු කණ්ඩායමේ පරාජය මැද මෝටර් රථයේ නලාව නාද කළ අයෙක් ඝාතනය කෙරේ

උතුරු ඉරානයේ ජාතික පාපන්දු කණ්ඩායම ලෝක කුසලානයෙන් තරගයක් පරාද වීම එරට රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන් ප්‍රසිද්ධියේ සමරද්දී ආරක්ෂක අංශ විසින් පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

බන්ඩාර් අන්සාලිහිදී මෙහ්රාන් සමක් නැමැති පුද්ගලයෙක් සිය මෝටර් රථයේ නලාව නාද කිරීමෙන් පසු ඔහුගේ හිසට වෙඩි තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

බොහෝ ඉරාන ජාතිකයන් කටාර්හි පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේදී තම පාපන්දු කණ්ඩායමට සහාය දීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා

සති 10 කට පෙර මෙම නොසන්සුන්තාව ආරම්භ වූයේ ටෙහෙරානයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ 22 හැවිරිදි මහ්සා අමිනී නමැති කාන්තාවක් මිය යාමත් සමගයි

 

Share This