යුද සටන් ආරම්භයේ සිට යුක්‍රේන සොල්දාදුවන් 13,000ක් පමණ ජීවිතක්ෂයට

යුද සටන් ආරම්භයේ සිට යුක්‍රේන සොල්දාදුවන් 13,000ක් පමණ ජීවිතක්ෂයට

රුසියාවේ ආක්‍රමණය ආරම්භයේ සිට යුක්‍රේන සොල්දාදුවන් 13,000ක් පමණ මිය ගොස් ඇති බව එරට ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky ගේ උපදේශකයෙකු වන Mykhailo Podolyak සොල්දාදුවන් 10,000 ත් 13,000 ත් අතර පිරිසක් මිය ගොස් ඇති බවයි ප්‍රකාශ කර තිබෙන්නේ

පසුගිය ජුනි මාසයේදී ද දිනකට යුක්‍රේන සොල්දාදුවන් 100 ත් 200 ත් අතර සංඛ්‍යාවක් මිය යන බව ඔහු විසින් පවසා තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

පෙබරවාරි 24 වන දින ආක්‍රමණයෙන් පසු අවම වශයෙන් සියලුම තරාතිරම්වල රුසියානු සොල්දාදුවන් 9,311 ක් මිය ගොස් ඇති අතර සැබෑ මරණ සංඛ්‍යාව 18,600 ට වඩා වැඩි විය හැකි බව BBC හි රුසියානු සේවය තහවුරු කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This