ඉන්දියාව ඇෆ්ගනිස්ථානයේ නවත්වා ඇති ව්‍යාපෘති 20ක් යළි ඇරඹීමට සූදානම්

ඉන්දියාව ඇෆ්ගනිස්ථානයේ නවත්වා ඇති ව්‍යාපෘති 20ක් යළි ඇරඹීමට සූදානම්

ඇෆ්ගනිස්ථානයේ නවත්වා ඇති ව්‍යාපෘති 20ක් ඉන්දියාව විසින් යළි ආරම්භ කරනු ඇති බව ඇෆ්ගනිස්ථානයේ පාලක තලේබාන් සංවිධානය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසනවා.

ඉන්දියාවේ ඇෆ්ගනිස්ථාන කටයුතු භාර නිලධාරිවරයා ඉන්දීය ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට උනන්දුව ප්‍රකාශ කළ බවයි ඇෆ්ගනිස්ථානයේ නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය පවසා ඇත්තේ.

ඇෆ්ගනිස්ථානයේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය හම්දුල්ලා නොමානි සමඟ කාබුල් නුවර පැවති සාකච්ඡාවකදී ඉන්දියාවේ ඇෆ්ගනිස්ථාන කටයුතු භාර නිලධාරිවරයා මේ බව පවසා තිබෙනවා.

අමාත්‍යාංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන්දියාව ඇෆ්ගනිස්ථානයේ පළාත් කිහිපයක අවම වශයෙන් ව්‍යාපෘති 20 ක වැඩ නැවත ආරම්භ කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

පසුගිය රජය සමයේ ඒවා ක්‍රියාත්මක කරන ලද නමුත් දේශපාලන වෙනස්කම් හෝ වෙනත් ගැටළු හේතුවෙන් ප්‍රමාද වූ ව්‍යාපෘති ඉන්දියාව නැවත ආරම්භ කිරීමට උනන්දු වන බව අමාත්‍යාංශයේ ප්‍රකාශක මොහොමඩ් කමල් ඇෆ්ගන් පවසා තිබෙනවා.

මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම තුළින් රැකියා අවස්ථා සඳහා පහසුකම් සැලසෙන අතර රටේ සංවර්ධනය ඉහළ නංවනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඇෆ්ගනිස්ථානයේ පාලක සංවිධානය පවසනවා.

Share This