ශීත ඝෘතුවේ බලපෑමෙන් යුක්‍රේනය දැඩි අර්බුදයක -විදුලිබල පද්ධතිය ස්ථාවර කිරීමේ උත්සාහයක

ශීත ඝෘතුවේ බලපෑමෙන් යුක්‍රේනය දැඩි අර්බුදයක -විදුලිබල පද්ධතිය ස්ථාවර කිරීමේ උත්සාහයක

රුසියානු මිසයිල ප්‍රහාරවලින් පසු යුක්‍රේනය සිය විදුලිබල පද්ධතිය ස්ථාවර කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රකාශ කරනවා

බොහෝ කලාපවලට බලපෑම් එල්ල වී ඇති බවත්, ඉදිරි දිනවලදී කියෙව් කලාපයේ අඩක් පමණ විදුලිය නොමැතිව පවතිනු ඇති බවට පළාත් පාලන ආයතන අනතුරු ඇඟවූ බවත් යුක්‍රේන ජනාධිපතිවරයා පවසනවා

දකුණු නගරයක් වන Zaporizhzhia අසල යටිතල පහසුකම් සහ නේවාසික නිවාසවලට රුසියාවෙන් මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

යුක්‍රේනයේ බොහෝ කලාපවල හිම පතනය දැඩි ලෙස දක්නට ඇති බවත් මිලියන ගණනක් ජනතාව විදුලිය සහ ජලය නොමැතිව සිටින බවත් ශීත ඝෘතුවේ අධික සීතල දරාගැනීමට නොහැකිව මිනිසුන් මිය යා හැකි බවට විශ්වාස කරන බවත් විදෙස් මාධ්‍ය පවසනවා

රුසියාවේ පහරදීම් යුක්‍රේනයට පමණක් නොව මුළු කලාපයටම තර්ජනයක් බවත් අසල්වැසි මෝල්ඩෝවාවේ විදුලි සැපයුමට ද බලපෑම් එල්ල වී ඇති බවත් යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

Share This