ඉදිරි පෙළ හමුදා සාමාජිකයින් බැලීමට යුක්‍රේන ජනපති නැගෙනහිර ඩොනෙට්ස්ක් ප්‍රදේශයට

ඉදිරි පෙළ හමුදා සාමාජිකයින් බැලීමට යුක්‍රේන ජනපති නැගෙනහිර ඩොනෙට්ස්ක් ප්‍රදේශයට

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky නැගෙනහිර ඩොනෙට්ස්ක් ප්‍රදේශයේ සිටින ඉදිරි පෙළ හමුදා සාමාජිකයින් බැලීමට ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

යුක්‍රේනයේ හමුදා පසුගිය මාසයේ දකුණේ කෙර්සන් ප්‍රදේශය නැවත අත්පත් කර ගැනීමෙන් පසු ඇතිවූ දරුණු සටන්වලට අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා එම ප්‍රදේශයට ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

රුසියානු මිසයිල ප්‍රහාර Kryvyi Rih නගරයේ කර්මාන්ත ශාලාවකට එල්ලවීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය ප්‍රධානී Valentyn Reznichenko සඳහන් කර තිබෙනවා

යුක්‍රේනයේ බොහෝ කලාපවල මිලියන ගණනක ජනතාවට විදුලිය නොමැතිවීමෙන් පවතින ශීත ඍතුවේ උණුසුම ලබාගැනීමට නොහැකිවීම ඔවුන්ගේ ජීවිත පවා අහිමි විය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Share This