ඉන්දියාවේ 8 හැවිරිදි දරුවෙක් පටු ළිඳකට වැටී සිරවෙයි -ගලවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි

ඉන්දියාවේ 8 හැවිරිදි දරුවෙක් පටු ළිඳකට වැටී සිරවෙයි -ගලවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි

පැය 16කට අධික කාලයක් ඉන්දියාවේ පටු ළිඳක සිරවී සිටින පිරිමි ළමයෙකු බේරා ගැනීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

මෙම දරුවා අට හැවිරිදි වියේ පසුවන අතර අඩි 400ක් ගැඹුරු ළිඳේ අඩි 55ක් පමණ උසට සිරවී සිටින බවයි එරට බලධාරීන් සඳහන් කරන්නේ

Tanmay Sahu නැමැති මෙම දරුවා මිතුරන් සමඟ සෙල්ලම් කරමින් සිටියදී මධ්‍යම ප්‍රදේශ් ප්‍රාන්තයේ ළිඳකට වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ගැලවුම්කරුවන් දරුවාට ඔක්සිජන් පොම්ප කරන නමුත් වැසී ඇති මඩ තට්ටු නිසා ඔහුගේ තත්ත්වය නිශ්චිතව කිව නොහැකි බවද සඳහන් වනවා

දිස්ත්‍රික් මහේස්ත්‍රාත් ශ්‍යාමේන්ද්‍ර ජයිස්වාල් ANI ප්‍රවෘත්ති ඒජන්සියට පවසා තිබෙන්නේ දරුවා බේරා ගැනීමට තවත් පැය කිහිපයක් ගත විය හැකි බවයි.

Share This