පේරු රාජ්‍යයට පළමු වරට  ජනාධිපතිවරියක්

පේරු රාජ්‍යයට පළමු වරට ජනාධිපතිවරියක්

පේරු රාජ්‍යයේ ජනාධිපතිධුරය සඳහා පළමු වරට කාන්තාවක් තේරී පත්වී තිබෙනවා.

පේරු හි හිටපු ජනාධිපති පේද්රෝ කැස්ටිලෝ හට දෝෂාභියෝගයක් එල්ලවීමෙන් පසුවයි නව ජනාධිපතිවරිය ලෙස ඩිනා බොලර්ටේ පත්වුණේ.

කැස්ටිලෝ මීට පෙර ප්‍රකාශ කර තිබුණේ කොංග්‍රසය වෙනුවට සුවිශේෂී රජයක් ඇති කිරීමට තමා පියවර ගන්නා බවයි.

නීති සම්පාදකයින් ඊට එරෙහිවීමත් සමඟ ජනපති කැස්ටිලෝ හට දෝෂාභියෝගයක් ගෙන එනු ලැබුවා.

Share This