ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා සම්බන්ධයෙන් වරදකරු වූ අයෙකුට අධිකරණයෙන් මරණ දඬුවම

ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා සම්බන්ධයෙන් වරදකරු වූ අයෙකුට අධිකරණයෙන් මරණ දඬුවම

පසුගියදා ඉරානයේ ඇති වූ රාජ්‍ය විරෝධී නොසන්සුන්තාව සම්බන්ධයෙන් වරදකරු වූ විරෝධතාකරුවෙකුට මරණ දඬුවම පළමුවරට ක්‍රියාත්මක කළ බව ඉරානය නිවේදනය කර තිබෙනවා

අධිකරණයක් විසින් Mohsen Shekari නැමැත්තා වරදකරු කරනු ලැබීමෙන් පසු එල්ලා මරා දැමීමට තීරණය කර ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

සැප්තැම්බර් 25 වන දින ටෙහෙරානයේ ප්‍රධාන මාර්ගයක් අවහිර කරමින් paramilitary Basij force බලකායේ සාමාජිකයෙකුට පිහියකින් තුවාල කළ කැරලිකාරයෙකු බවට Mohsen Shekari ට චෝදනා එල්ල වී තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

22 හැවිරිදි මහ්සා අමිනීගේ මරණයෙන් පසු සැප්තැම්බර් මැද භාගයේ ආරම්භ වූ විරෝධතා සම්බන්ධයෙන් පුද්ගලයින් 11 දෙනෙකුට මරණ දණ්ඩනය ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

කාන්තාවන් විසින් මෙහෙයවන ලද විරෝධතා රටේ පළාත් 31හිම නගර 160කට ව්‍යාප්ත වී ඇති අතර එය 1979 විප්ලවයෙන් පසු ඉස්ලාමීය ජනරජයට එල්ල වූ බරපතලම අභියෝගයක් ලෙසයි වාර්තා වන්නේ

මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ප්‍රවෘත්ති ඒජන්සිය (HRANA) පවසන පරිදි මේ වන විට අවම වශයෙන් විරෝධතාකරුවන් 475 දෙනෙකු මිය ගොස් 18,240 ක් රඳවාගෙන තිබෙනවා

එමෙන්ම විරෝධතා නිසා ආරක්ෂක භටයින් 61 දෙනෙකුගේ මරණ ද වාර්තා වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

Share This