දකුණු කොරියාව දකුණු ආසියාව දෙසට හැරෙයි

දකුණු කොරියාව දකුණු ආසියාව දෙසට හැරෙයි

දකුණු කොරියාව චීනයෙන් දුරස්වීමට සැරසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව සිය ඉන්දු – පැසිෆික් උපායමාර්ගික ක්‍රියාපිලිවෙත යටතේ අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ (ASEAN) සාමාජික රටවල් සමග පවතින සබඳතා ශක්තිමත් කර ගැනීමට දකුණු කොරියාව උත්සහ කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එහි පූර්ව පියවරක් ලෙස වියට්නාම ජනාධිපති Nguyen Xuan නිල සංචාරයක් සඳහා දකුණු කොරියාවට පැමිණ තිබෙනවා.

එහිදී දකුණු කොරියානු ජනාධිපති Yoon Suk – yeal විසින් වියට්නාම ජනාධිපතිවරයා උණුසුම් අයුරින් පිළිගත් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

Yoon Suk – yeal දකුණු කොරියාවේ ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව විදෙස් රාජ්‍ය නායකයෙකු රාජ්‍ය ගෞරව සහිතව රටට පිළිගත් පළමු අවස්ථාව ද මෙය වනවා.

අදාළ සංචාරයේදී දෙපාර්ශවය අතර ආරක්ෂක සහයෝගිතාව වර්ධනය කර ගැනීම මෙන්ම දුර්ලභ පාංශු ලෝහ සංවර්ධන කෙරෙහි ද අවධානය යොමු කර තිබෙනවා.

එමෙන්ම දකුණු චීන මුහුදු සීමාවේ චීනය සිදු කරන හමුදාමය මැදිහත්වීම් දෙපාර්ශවය විසින් තරයේ හෙළා දැක ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Share This