රුසියාව යුක්‍රේනයේ බලශක්තිය අඬපණ කරයි

රුසියාව යුක්‍රේනයේ බලශක්තිය අඬපණ කරයි

රුසියාව එල්ල කරන ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් ඔඩෙසා ප්‍රාන්තයේ මිලියන 1.5කට අධික ජනතාවට විදුලි බලය විසන්ධි වී ඇති බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා.

යුක්‍රේනයේ බලශක්ති උත්පාදන මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් රුසියාව අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කළේ ඊයේ (10) එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් බලශක්ති උත්පාදන මධ්‍යස්ථාන විනාශ වී ඇති බවයි.

මෙම තත්ත්වය තුළ ශීත සෘතුවේදී යුක්‍රේනයේ ජනතාවට දැඩි අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පැවසුවා.

Share This