හෝමාගම – පිටිපන පැවති විරෝධතාවකදී පොලිසියේ රාජකාරියට බාධා කළ දෙදෙනෙකු අත්අඩංගුවට
හෝමාගම – පිටිපන පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයක දී පොලිස් රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට අදාළව පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ සැකකරුවන් වයස අවුරුදු 25 ක් වන ඌව කුඩාඔය සහ දඹගල්ල ප්‍රදේශවල පදිංචි අය බවයි.
ඊයේ (13) පස්වරුවේ එම විශ්වවිද්‍යාලයේ සිසුන් සහ භික්ෂූන් වහන්සේලා විසින් නවක භික්ෂූන්ට නවකවදය ලබා දීම සම්බන්ධයෙන් ගනු ලැබු විනය ක්‍රියාමාර්ගයට එරෙහිව පාලන අධිකාරියට විරෝධය පළ කිරීම සඳහා මෙය සංවිධානය කර තිබුණා.
ඔවුන් එහිදී බලපත්‍ර නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍රයක් භාවිත කර ඇති අතර අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමේදී එම පිරිස පොලිස් රාජකාරියට බාධා කර තිබෙනවා.