පාරිභෝගික අධිකාරිය බිත්තරවල උපරිම මිල ගැන අධිකරණයට දැනුම් දෙයි – (VIDEO)

පාරිභෝගික අධිකාරිය බිත්තරවල උපරිම මිල ගැන අධිකරණයට දැනුම් දෙයි – (VIDEO)

බිත්තර සඳහා පනවා තිබූ පාලන මිල සම්බන්ධයෙන් ඊයේ (14)අභියාචනාධිකරණය විසින් ලබා දෙනු ලැබූ නියෝගය අනුව නව බිත්තර පාලන මිල පිළිබඳව පාරිභෝගික අධිකාරිය විසින් අද (15) අධිකරණයට දැනුම් දුන්නා.

කෙසේ වෙතත් බිත්තර නිෂ්පාදකයින් අධිකරණයට පෙන්වා දී ඇත්තේ සංශෝධිත මිල ගණන්වලට බිත්තර අලෙවි කළ නොහැකි බවයි.

වෙළඳපල තුළ බිත්තර මිල සීඝ්‍ර ලෙස ඉහළ යාම වැළැක්වීම සඳහා බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් රජය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවේ පසුගිය අගෝස්තු මස 19 වැනිදායි.

කෙසේ වෙතත් බිත්තර නිශ්පාදකයින් අමාත්‍යවරයා ඇතුළු විවිධ පාර්ශවයන්ගෙන් සිදු කරන ලද ඉල්ලීම අනුව බිත්තරයක් රුපියල් 50ක මිලකට අලෙවි කිරීම සඳහා වෙළඳසැල් හිමියන් වෙත අවසර ලබා දෙනු ලැබුවා.

නමුත් බිත්තර නිශ්පාදකයින් විසින් බිත්තර මිල ඉහළ දමන ලෙස අවස්ථා කිපයකදී ඉල්ලීම් සිදු කරනු ලැබුවේ බිත්තර මිල වෙළඳපල ඉල්ලුම සහ සැපයුම මත තීරණය විය යුතු බව පවසමිනුයි

දැනට නිකුත් කර ඇති බිත්තර සඳහා වන උපරිම සිල්ලර මිල දැක්වෙන ගැසට් නිවේදනය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමය අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකරනු ලැබුවා.

Share This